වගකීම

විසිදහසකට අධික ඉතා තෘප්තිමත් පාරිභෝගිකයන් සංඛ්‍යාවකට සේවය සපයා ඇති, ටයිගර් අයි සහ අනෙකුත් පාෂාණයන්හි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛයා වන අප ආයතනය, ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියෙහි ලියාපදිංචි ආයතනයක් වන අතර (ලියාපදිංචි අංකය - COL 1545), ඔබ විසින් අපගේ ආයතනයෙන් මිලදී ගන්නා සියලුම පාෂාණ පලඳනාවන් 100%ක් ස්වාභාවික, උසස්ම තත්වයේ පාෂාණයන්ගෙන් සාදා ඇති බවට අප ඉතා වගකීමෙන් ප්‍රකාශ කර සිටිමු. (අපගේ ටයිගර් අයි පළඳනා, දැනට විවිධ මිල ගණන් වලට වෙළඳපොළෙහි බහුලව දක්නට ලැබෙන්නාවූ ඉතා අඩු ගුනාත්මකභාවන්යුත් චීනයෙන් ආනයනය කරන ලද ටයිගර් අයි නොවනබව කරුණාවෙන් සලකන්න.)

ඔබහට දිවයිනේ ඕනෑම මැණික් පරීක්ෂණ රසායනාගාරයකින් අපගෙන් මිලදී ගන්නා පළඳනා 100%ක් ස්වාභාවික පාෂාණයන්ගෙන් සාදා ඇති බවට තහවුරු කරගත හැක.

ඔබ හට අවශ්‍යනම් එක් පළඳනාවකට රු. 2500ක් වැනි මුදලකට (මැණික් පරීක්ෂණ රසායනාගාර ගාස්තු) අපහට, අප සතු ඕනෑම පළඳනාවකට පිළිගත් මැණික් පරීක්ෂණ රසායනාගාරයකින් හෝ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියෙන් හෝ මැණික් සහතිකයක් ලබා දීමට හැක.